Friday, 18 September 2015

“අම්මගෙන් අහපන් “

මේක මේ පරණ කතාවක් ගොඩක් කාලෙකට ඉස්සර පොතක තිබිල මම කියවපු එකක්
එක්තරා ගමක හිටිය තරුණ කොල්ලෙක් මිනිහා බෞද්ධ සාහිත්‍ය පොතක කියවල තියනවා ලොව පහල වුන බුදු සහ පසේ බුදුවරු ගැන විස්තරයක් මේකේ එක් එක් බුදුවරුන්ගේ බුදුවුන ආත්මයේ විස්තර අඩංගුයි ඒ කියන්නේ ඉපදුනේ කොහෙද දෙමපියෝ කවුද වගේ දෙවල් මේකේ සඳහන් වෙලා තිබුනළු පියුමතුරා කියල බුදු වරයෙක් ගැන හැබැයි මේ බුදු වරයාගේ අම්මාගේ නම විතරයි තියෙන්නේ තාත්තා කවුද කියන එක නෑ.
ඉතින් ඊට පස්සේ මේ බුවා හාමුදුරුවන් කිහිප දෙනෙකුගෙන්ම මේ ගැන ඇහුව “කවුද පියුමතුරා බුදුන්ගේ පියා “කියල මේක කොතනකවත් සඳහන්ව නැති නිසා උත්තරයක් ලැබුනේ නෑ
ඊට පස්සේ මිනිහ මේක හාමුදුරුවන්ව අපහසුතාවයට ලක් කරන්න අහන්න පටන් ගත්තා උත්තරය නොලැබුනාම “අනේ ඉතින් මහ ලොකු හාමුදුරුවරු පියුමතුරා බුදුන්ගේ පියා කවුද කියන්න දන්නේ නෑනේ “ කියල උපහාසයෙන් කතා කලා මේක හින්ද ගොඩක් හාමුදුරුවරු මුගේ මේ ප්‍රශණයෙන් අපහසුතාවයට පත් වුනා මිනිහා දැන් මේ ප්‍රශ්ණේ යොදා ගන්නවා හාමුදුරුවන්ව අපහසුවට ලක්කරල පණ්ඩිතයෙක් වෙන්න මිනිසු ඉදිරියේ
මේ පොර දවසක් ගියා එයාගේ නෑදෑයෙකුගේ ගෙදරක පිට ගමක. දානේ ගෙදරකට සහභාගී වෙන්න ඉතින් මේ ගිහිල්ලා ඒ ගමේ පංසලට ගියා ඒ පංසලේ හාමුදුරුවෝ හුගක් උගත් පණ්ඩිත හිමි නමක් මිනිසු හුගක් ගරු කලා මේ හාමුදුරුවන්ට ඉතින් මූ කියනවා “ඔය කොච්චර උගත වුනත් බලපල්ලා මම අහන එක ප්‍රශ්නෙන් හාමුදුරුවන්ට වෙන දේ ඈ “කියල මූ ගමේ මිනිසුන්ට කීවා ඊට පස්සේ හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා අර සුපුරුදු ප්‍රශ්ණේ අහන්න.අපි මූට සිරිපාල කියල නම දාමු.
සිරිපාල:-හාමුදුරුවනේ මට වැදගත් ධර්ම කාරණයක් තියනවා ඔබ වහන්සේගෙන් දැනගන්න.
හාමුදුරුවෝ:-හොදයි අහන්නකො දරුවෝ
සිරිපාල:-හාමුදුරුවනේ පියුමතුරා බුදුනගේ මවගේ නම මම දන්නවා ඔබ වහන්සේ කියන්න උන්වහන්සේගේ පියාගේ නම ඒකයි මගේ ප්‍රශ්ණේ
මේකට පිළිතුර බෞද්ධ සාහිත්‍යයේ කොතනකවත් සදහන් නොවන හින්දා හාමුදුරුවෝ ටිකක් කල්පනා කලා දැන් උත්තරය නොදුන්නොත් මූ පඩියා වෙනවා ඒක එච්චර හොද නෑ ඒ කියල හාමුදුරුනමක් විදිහට බොරුවක් කියන්නත් බැහැ හාමුදුරුවෝ උපායක් කල්පනා කලා වැඩේට
හාමුදුරුවෝ:-මේ ළමයා දැන් ඔය බුදුන්ගේ අමමගේ නම දන්නවා නේද?
සිරිපාල:-එහෙමයි අපේ හාමුදුරුවනේ
හාමුදුරුවෝ:-හොදා හොදා හොද ගැටළුවක් මේ ළමයා හොදට අපේ පොතපත කියවල තියනවා බොහෝම හොදා හම් අපි උත්තරය හොයාගමු කමුකෝ දරුවෝ බුලත් විටක් එහෙම මේ ළමයා කොහෙද මේ අපේ ගමේ වෙන්න බෑ මම දැකල නෑ
ඔය විදිහට හාමුදුරුවෝ දැන් මූත් එක්ක පුද්ගලික තොරතුරු ගමේ රටේ දේවල් කතා කරනවා මෙහෙම ටික වෙලාවක් යනකොට මූට දැන් කලින් අහපු ප්‍රශ්ණය ගැන අමතක වෙලා ගියා දැන් ඉන්නේ වෙනම කතාබහක
හාමුදුරුවෝ:-හා හා දැන් මේ ළමයා අම්මගේ නම දන්නවද?හරියටම
සිරිපාල:-ඔව් හාමුදුරුවනේ හරියටම දන්නවා
හාමුදුරුවෝ:-දැන් එතකොට හොයන්නේ තාත්තගේ නම නේද
සිරිපාල:-එහෙමයි
සිරිපාල:-මේ ළමයා අම්මා කවුද කියල දන්නවා දැන් ඕන තාත්තා කවුද කියල හොයාගන්න නේද
සිරිපාල:-එහෙමයි
හාමුදුරුවෝ:-දැන් මේ ළමයගේ අම්මා කවුද කියල හොදටම දන්වානේ මේ ළමයා
සිරිපාල:-එහෙමයි හාමුදුරුවනේ
හාමුදුරුවෝ:- අම්මා කවුද කියල දන්නවනම් තාත්තා කවුද කියන එක මගෙන් අහල හරියනවද මිනිහෝ ඒක ගිහිල්ලා අම්මගෙන් අහපන් එතකොට අම්ම කියයි තාත්තා කවුද කියල
ලොකු හාමුදුරුවෝ ටිකක් තදින් කිව්වා කාටත් ඇහෙන්න.
ගමේ සියළුම දෙනා ඉස්සරහා බුවා ලැජ්ජාවට පත් වුනා හාමුදුරුවෝ උපායෙන් ජයගත්තා ආයේ කවදාවත් මිනිහ පියුමතුරා බුදුන්ගේ තාත්තා කවුද කියල අහල හාමුදුරුවරුන්ට ගරහන්න ගියේ නෑ
(හාශ්‍ය රසයනම් ගොඩක් ඇත්තේ නෑ ඒ වුනාට අනවශ්‍ය විදිහට පොඩි දෙයක එල්ලිලා පණ්ඩිතයෝ වෙන්න හදන අයට මේකේ හොද ආදර්ශයක් තියන කතාවක් නිසා ලිව්වා අදත් ඉන්නවනේ බුද්ධාගමේ පොඩිතැනක් අල්ලගෙන ඒක උපයෝගී කරගෙන ඒ නිර්මල දහම වනසන්න හදන අය )

Wednesday, 24 June 2015

අහිංසක හොරා



විනිසුරු- මෙහෙමත් නඩුවක් දැක්කමයි.එකම රෙදි කඩේ තුන් පාරක් එක දිගට බිදලා....යුෂ්මතා,වැරැද්ද පිළිගන්නවද?

විත්තිකරු- ඔව් ස්වාමීනි...

විනිසුරු- එකම රෙදි කඩේ තුන් පාරක් බිදලා මොනවද හොරකම් කලේ....?

විත්තිකරු- බිරිදට එක ගවුමක් සුවාමීනි.....

විනිසුරු- එක ගවුමක්......?? මේක උගත් අධිකරණයක්, විහිළු කරන තැනක් නෙවෙයි.කඩයක් තුන් පාරක් බිදලා එක ගවුමක් හොරකම් කලා කියලා විශ්වාස කරන්න බෑ.පොලීසිය,මොකවද මේ විත්තිකරැ හොරකම් කල දේවල්......?

පොලීසිය- එක ගවුමක් පමණයි හොයාගන්න පුළුවන් වුනේ,කඩෙනුත් ඒක තහවුරු කලා, එක ගවුමක් පමණක් කැතිවෙලා බව ස්වාමීණි.......

විනිසුරු- එක ගවුමක් හොරකම් කරන්න එකම රෙදි කඩේ එක දිගට තුන් පාරක් බින්දේ ඇයි...?

විත්තිකරු- ඒක.......

විනිසුරු- වහා කියනු..... අධිකරණයේ කාලය නාස්ති නොකර........

විත්තිකරු- ඒක .....ස්වාමීණි.........
පළමුව කඩේ බිදලා,එක ගවුමක් අරගෙන ගිහින් බිරිදට දුන්නා.....ඈ ඒකට අකමැති වුනා...ඉතින් ඊලග දවසේ ආයෙත් කඩට බිදලා ඒ ගවුම තියලා වෙන ගවුමක් අරගෙන ගියා.....එයා ඒ ගවුමටත් අකමැති වුනා....ඉතින් තුන් වන දවසේ ආයෙත් කඩය බිදලා,ඒ ගවුම තියලා වෙන ගවුමක් අරගෙන ගියා.....එදා පොලීසිය මාව ඇල්ලුවා ස්වාමීණි.......

Tuesday, 6 January 2015

රස කතාවක්

දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
වෙසෙනා යුවලකිය ආදරයකින් තද
එදත් හවස කට ගැස්මට කඩල බැද
ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද
උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
තේපැන් පවා සපයා උනුනට රිසිසේ
ආවා මවද වැඩපල නිමවා දවසේ
පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
වමතින් දමා උඩ එන එන කඩල ඇට
මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
නෝනා ඇසී පැනයක් උඩ දමන කොට
කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
ගන්ට හදන විට හිරවිය කං පතුළේ
බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ
යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා
බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
පියනැගුවෝය දරුවො යළි පාඩමට
මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට
කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා