Friday, 18 September 2015

“අම්මගෙන් අහපන් “

මේක මේ පරණ කතාවක් ගොඩක් කාලෙකට ඉස්සර පොතක තිබිල මම කියවපු එකක්
එක්තරා ගමක හිටිය තරුණ කොල්ලෙක් මිනිහා බෞද්ධ සාහිත්‍ය පොතක කියවල තියනවා ලොව පහල වුන බුදු සහ පසේ බුදුවරු ගැන විස්තරයක් මේකේ එක් එක් බුදුවරුන්ගේ බුදුවුන ආත්මයේ විස්තර අඩංගුයි ඒ කියන්නේ ඉපදුනේ කොහෙද දෙමපියෝ කවුද වගේ දෙවල් මේකේ සඳහන් වෙලා තිබුනළු පියුමතුරා කියල බුදු වරයෙක් ගැන හැබැයි මේ බුදු වරයාගේ අම්මාගේ නම විතරයි තියෙන්නේ තාත්තා කවුද කියන එක නෑ.
ඉතින් ඊට පස්සේ මේ බුවා හාමුදුරුවන් කිහිප දෙනෙකුගෙන්ම මේ ගැන ඇහුව “කවුද පියුමතුරා බුදුන්ගේ පියා “කියල මේක කොතනකවත් සඳහන්ව නැති නිසා උත්තරයක් ලැබුනේ නෑ
ඊට පස්සේ මිනිහ මේක හාමුදුරුවන්ව අපහසුතාවයට ලක් කරන්න අහන්න පටන් ගත්තා උත්තරය නොලැබුනාම “අනේ ඉතින් මහ ලොකු හාමුදුරුවරු පියුමතුරා බුදුන්ගේ පියා කවුද කියන්න දන්නේ නෑනේ “ කියල උපහාසයෙන් කතා කලා මේක හින්ද ගොඩක් හාමුදුරුවරු මුගේ මේ ප්‍රශණයෙන් අපහසුතාවයට පත් වුනා මිනිහා දැන් මේ ප්‍රශ්ණේ යොදා ගන්නවා හාමුදුරුවන්ව අපහසුවට ලක්කරල පණ්ඩිතයෙක් වෙන්න මිනිසු ඉදිරියේ
මේ පොර දවසක් ගියා එයාගේ නෑදෑයෙකුගේ ගෙදරක පිට ගමක. දානේ ගෙදරකට සහභාගී වෙන්න ඉතින් මේ ගිහිල්ලා ඒ ගමේ පංසලට ගියා ඒ පංසලේ හාමුදුරුවෝ හුගක් උගත් පණ්ඩිත හිමි නමක් මිනිසු හුගක් ගරු කලා මේ හාමුදුරුවන්ට ඉතින් මූ කියනවා “ඔය කොච්චර උගත වුනත් බලපල්ලා මම අහන එක ප්‍රශ්නෙන් හාමුදුරුවන්ට වෙන දේ ඈ “කියල මූ ගමේ මිනිසුන්ට කීවා ඊට පස්සේ හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා අර සුපුරුදු ප්‍රශ්ණේ අහන්න.අපි මූට සිරිපාල කියල නම දාමු.
සිරිපාල:-හාමුදුරුවනේ මට වැදගත් ධර්ම කාරණයක් තියනවා ඔබ වහන්සේගෙන් දැනගන්න.
හාමුදුරුවෝ:-හොදයි අහන්නකො දරුවෝ
සිරිපාල:-හාමුදුරුවනේ පියුමතුරා බුදුනගේ මවගේ නම මම දන්නවා ඔබ වහන්සේ කියන්න උන්වහන්සේගේ පියාගේ නම ඒකයි මගේ ප්‍රශ්ණේ
මේකට පිළිතුර බෞද්ධ සාහිත්‍යයේ කොතනකවත් සදහන් නොවන හින්දා හාමුදුරුවෝ ටිකක් කල්පනා කලා දැන් උත්තරය නොදුන්නොත් මූ පඩියා වෙනවා ඒක එච්චර හොද නෑ ඒ කියල හාමුදුරුනමක් විදිහට බොරුවක් කියන්නත් බැහැ හාමුදුරුවෝ උපායක් කල්පනා කලා වැඩේට
හාමුදුරුවෝ:-මේ ළමයා දැන් ඔය බුදුන්ගේ අමමගේ නම දන්නවා නේද?
සිරිපාල:-එහෙමයි අපේ හාමුදුරුවනේ
හාමුදුරුවෝ:-හොදා හොදා හොද ගැටළුවක් මේ ළමයා හොදට අපේ පොතපත කියවල තියනවා බොහෝම හොදා හම් අපි උත්තරය හොයාගමු කමුකෝ දරුවෝ බුලත් විටක් එහෙම මේ ළමයා කොහෙද මේ අපේ ගමේ වෙන්න බෑ මම දැකල නෑ
ඔය විදිහට හාමුදුරුවෝ දැන් මූත් එක්ක පුද්ගලික තොරතුරු ගමේ රටේ දේවල් කතා කරනවා මෙහෙම ටික වෙලාවක් යනකොට මූට දැන් කලින් අහපු ප්‍රශ්ණය ගැන අමතක වෙලා ගියා දැන් ඉන්නේ වෙනම කතාබහක
හාමුදුරුවෝ:-හා හා දැන් මේ ළමයා අම්මගේ නම දන්නවද?හරියටම
සිරිපාල:-ඔව් හාමුදුරුවනේ හරියටම දන්නවා
හාමුදුරුවෝ:-දැන් එතකොට හොයන්නේ තාත්තගේ නම නේද
සිරිපාල:-එහෙමයි
සිරිපාල:-මේ ළමයා අම්මා කවුද කියල දන්නවා දැන් ඕන තාත්තා කවුද කියල හොයාගන්න නේද
සිරිපාල:-එහෙමයි
හාමුදුරුවෝ:-දැන් මේ ළමයගේ අම්මා කවුද කියල හොදටම දන්වානේ මේ ළමයා
සිරිපාල:-එහෙමයි හාමුදුරුවනේ
හාමුදුරුවෝ:- අම්මා කවුද කියල දන්නවනම් තාත්තා කවුද කියන එක මගෙන් අහල හරියනවද මිනිහෝ ඒක ගිහිල්ලා අම්මගෙන් අහපන් එතකොට අම්ම කියයි තාත්තා කවුද කියල
ලොකු හාමුදුරුවෝ ටිකක් තදින් කිව්වා කාටත් ඇහෙන්න.
ගමේ සියළුම දෙනා ඉස්සරහා බුවා ලැජ්ජාවට පත් වුනා හාමුදුරුවෝ උපායෙන් ජයගත්තා ආයේ කවදාවත් මිනිහ පියුමතුරා බුදුන්ගේ තාත්තා කවුද කියල අහල හාමුදුරුවරුන්ට ගරහන්න ගියේ නෑ
(හාශ්‍ය රසයනම් ගොඩක් ඇත්තේ නෑ ඒ වුනාට අනවශ්‍ය විදිහට පොඩි දෙයක එල්ලිලා පණ්ඩිතයෝ වෙන්න හදන අයට මේකේ හොද ආදර්ශයක් තියන කතාවක් නිසා ලිව්වා අදත් ඉන්නවනේ බුද්ධාගමේ පොඩිතැනක් අල්ලගෙන ඒක උපයෝගී කරගෙන ඒ නිර්මල දහම වනසන්න හදන අය )

No comments:

Post a Comment